ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය අද (01) ජනතා අයිතියට පත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මෙම ආයතනය රුපියල් මිලියන 99ක් වැය කර ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.
ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
(colombotimes.lk)
