01 June 2026

logo

මියන්මාරයේ පුද්ගලයන් 55ක් ජීවිතක්ෂයට



මියන්මාරයේ ගම්මානයක පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට හමුදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ අදාළ ගම්මානය චීන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති බවයි.

එමෙන්ම එය කැරලිකාර කණ්ඩායමක් විසින් එය පාලනය කරන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එම පිපිරීමෙන් පුද්ගලයන් 55දෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ පතල් කැණීමේ කටයුතු සඳහා ගබඩා කර තිබූ පුපුරණ ද්‍රවය තොගයක් ඊයේ (31) අත්වැරදීමකින් පුපුරා ගොස් තිබෙන බවට සැක පළ කරන බවයි. 

(colombotimes.lk)