බ්‍රසීලයේ ඉබෝලා වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාඕ පවුලෝ සහ රියෝද ජෙනෙයිරෝ නගරවල පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙන බවයි.
උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයෙක් සහ කොංගෝ ජාතිකයෙක්ට උණ ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
බ්‍රසීල සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඔවුන්ට ඉබෝලා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙන බවට විශ්වාසය පළ කරන බවයි.
(colombotimes.lk)
