colombotimes.lk
සිංහල | English

22 October 2024


ගම්මන්පිලට ඕනෙ දේවල් අපි කරන්නේ නෑ - විජිත හේරත්ගෙන් සැර උත්තරයක්



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කරන්නේ ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරුවලින් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු කියා සිටියේ රජය එම වුවමනාවට යටත්වීමට කිසිවිටකත් සූදානම් නොමැති බවයි.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවත් පාස්කු වින්දිතයන් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාතී බව හොඳින් දන්නා බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

(colombotimes.lk)