15 July 2025

logo

සබරගමුව සරසවියේ සිදු වූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක්



සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
 
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විසින් සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

මෙම කමිටුව සාමාජිකයන් 04දෙනෙක්ගෙන් යුක්ත වන බවයි වාර්තා වන්නේ. 

මෙම කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ පත්කර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩබ්. එම්. සී බණ්ඩාර කමිටු සාමාජිකයන් ලෙසද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහකාර අභ්‍යන්තර විගණක හසන්ති පතිරණ කැඳවුම්කරු ලෙසද පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉහත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් මෙම කමිටුව විසින් දින 60ක් තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමටද නියමිතව තිබෙනවා.


(colombotimes.lk)