26 July 2025

logo

ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්



ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් එම ධූරයේ වැඩ භාර ගත් බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද කටයුතු කර තිබෙනවා. 
 
(colombotimes.lk)