මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් (24) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එය 27වනදා මධ්‍යහන 12න් අවසන් වන බවයි වාර්තා වන්නේ.
එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන 26වනදා මධ්‍යහන 12න් අවසන් වනවා.
මේ අතර පළාත් පාලන ඡන්දයට තරග කරන වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් අපේක්ෂකයන්ගේ තොරතුරු අල්ලස් කොමිසමට යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පළාත් පාලන ආයතන 336ක් සඳහා වන ඡන්ද විමසීම මැයි 6වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 107ක් තරග කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 49ක් ද මෙවර ඡන්ද විමසීමට තරග වදින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
(colombotimes.lk)