07 January 2025


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්



පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 06කට අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද (05) පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන විමර්ශන තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.

එම විමර්ශන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 06 වනදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් සිට අඛණ්ඩව මාස 6න් 6ට එම අත්හිටුවීම දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)