colombotimes.lk
සිංහල | English

04 May 2024

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් ගැන විශේෂ තීරණයක්



අවතැන්වීම් හේතුවෙන් ඥාති නිවසක හෝ වෙනත් ස්ථානයක රැඳී සිටින බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ට අවට පාසලකින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන් විශාල පිරිසක් නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.එම්. ධම්මික හේරත් කියා සිටියේ. 
 
මේ අතර හල්දුම්මුල්ල කොස්ලන්ද මාකල්දෙණිය දෙමළ ප්‍රාථමික විද්‍යාලය සහ මිරියබැද්ද දෙමළ ප්‍රාථමික විද්‍යාලය සිසුන් නොපැමිණීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. 
 
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හේතුවෙන් සිසුන් පාසල් නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)