24 April 2025


සිරි දළඳා වන්දනාවට පැමිණි අයට විශේෂ ස්ටිකරයක්



'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

මෙය ඊයේ (23) රාත්‍රියේ සිටම ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන පුද්ගලයන්ගේ  සහභාගීත්වයෙන් ඊයේ (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

(colombotimes.lk)