13 July 2025

logo

ශ්‍රී ලාංකිකයන්ට හෙට දුර්ලභ දසුනක් දැකීමට අවස්ථාවක්



සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) ශ්‍රී ලාංකිකයන්ට හිමි වනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය සඳහන් කළේ හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවයි.

මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව ආචාර්ය ජනක අඩස්සූරිය සඳහන් කළා.

(colombotimes.lk)