රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන්.
නිවාඩු අනුමත කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එහි අන්තර්ගත වී තිබෙනවා.
නිලධාරීන් විසින් විදේශ නිවාඩු අයදුම් කිරීමේදී විශේෂයෙන් සලකා බලා කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
විදේශ නිවාඩු අයදුම් කිරීමේදී නිලධාරීන් විසින් මීට පෙර ලබාගෙන ඇති දේශීය සහ විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණවල ඒවා පැහැදිලිව සටහන් කළ යුතු බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
(colombotimes.lk)