30 August 2025

logo

සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේදී



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් නිකුත් කිරීමට සූදානම් කර තිබෙනවා.
 
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979ක්.
(colombotimes.lk)