09 May 2025


දඹුල්ලේ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



විදේශික සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදීයි.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් සංචාරකයන් ගමන් ගත් බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

(colombotimes.lk)