රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින්.
මෙම නියෝගය නිකුත් කළාය.
එම වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින්කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන ලද වාහන 19ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බවයි.
(colombotimes.lk)