02 April 2025


රක්ෂිත බන්ධනාගාරගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝග



උසාවියට අපහාස කළ බවට පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නීතිඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පුද්ගලයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය නියම කර තිබෙනවා.

(colombotimes.lk)