24 November 2024


පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය කඩා වැටෙන ලකුණු



පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදු කිරීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ ජෙට් ඉන්ධන අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්. 
 
පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමත් සමඟ ගුවන් සේවය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 
 
2023 ඔක්තෝම්බර් 16 - 17 දෙදින තුළ ගුවන් සමාගම ජාත්‍යන්තර හා දේශීය ගුවන්ගමන් 48 ක් අවලංගු කළ බව ද වාර්තා වනවා. 
 
මෙම මස මුලදී, පාකිස්තාන කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් හදිසි බලතල භාවිතා කරමින් ඉදිරි මාස හතර තුළ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) පෞද්ගලීකරණය සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් බඳවා ගත්තා. 
 
රජයේ අරමුදල් අඩු වීම සහ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පීඩනයට ලක්වීම ද මෙයට බල පා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
(colombotimes.lk)