17 July 2025

logo

හෙද නිවාසයක හටගත් ගින්නකින් 20කට දිවි අහිමි වෙයි



උතුරු චීනයේ හෙබෙයි පළාතේ චෙන්ග්ඩේ නගරයේ හෙද නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 20දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැඩිහිටි පුද්ගලයන්ට ප්‍රතිකාර කරන ස්ථානයක මෙම ගින්න ඇති වී ඇති බවයි.

ගින්න සිදුවූ අවස්ථාවේ හෙද නිවාසයේ සිටි ඉතිරි පුද්ගලයන් වැඩිදුර නිරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා අසල රෝහලකට මාරු කර යවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

(colombotimes.lk)