අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදීයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසු කිරීමත් සමඟ දුම්රියේ ගැටී ඇති අතර ඒ හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර කිහිපයක් ඈතට විසිවී ඇති බවයි වාර්තා වන්නේ.