13 April 2025


චීනය ඇමරිකාවට පැනවූ තීරු බද්ද ඉහළ දමයි



ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 125%ක තීරු බද්දක් පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව විසින් චීන භාණ්ඩ සඳහා 145%ක සමස්ත තීරු බදු ප්‍රතිශතයක් පනවා ඇති බවයි

ඇමරිකාව ගත් එම තීරණයට ප්‍රතිචාර ලෙස චීනය එලෙස ඇමරිකානු භාණ්ඩ සඳහා අය කරන තීරු බදු ප්‍රතිශතය 125%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
 
(colombotimes.lk)