19 April 2025


හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ට ලැබුණු අලුත්ම නියෝගය



අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ නැගෙනහිර විශ්ව විද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙක් වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළවයි.

පසුගිය 08වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කළා.


 (colombotimes.lk)