19 April 2025


අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක්



සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා අතිරේක බස් රථ යොදවා තිබෙනවා.

මේ අතර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

(colombotimes.lk)