06 July 2025

logo

තවත් ගුවන් යානයක් කඩා වැටෙයි - තිදෙනෙක් ජීවිතක්ෂයට



අමෙරිකාවේ Boca Ratonහී අධිවේගී මාර්ගයක් අසලට ඊයේ (12) සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එම ගුවන් Boca Raton සිට Tallahassee ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර එලෙස කඩා වැටීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා (10) නිව්යෝර්ක්දී හඩ්සන් ගඟට ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 6දෙනෙක්ට දිවි අහිමි වුණා.

 
(colombotimes.lk)