26 December 2024


පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්



මෙරට අනාගතය තීරණය කරන මහ මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිතා කරන ලෙස පැෆ්රල් සංවිධානය සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඉතිහාසය සමඟ සැසඳීමේදී මෙවර මහ මැතිවරණය ඉතාමත් සාමකාමී මැතිවරණයක් බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව ආයතනවල සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් ඔහු ඉල්ලීමක් කළා.
 
(colombotimes.lk)