26 December 2024


පස්සර - බිබිල මාර්ගයේ ගමනාගමන කටයුතු නවතියි



බදුල්ල - පස්සර ලුණුගල A5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශයේ පස් කන්දක් නායයෑමට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. ඒ. එල් උදය කුමාර සඳහන් කළේ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ නායයෑමත් සමඟ මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඔහු රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)