26 December 2024


මහජන බැංකුවට නව සභාපතිවරයෙක්



මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී. එන්. ඩී ප්‍රනාන්දු අද (18) නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.

ඒ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වී තිබෙනවා.

මහාචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා හට මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දක් තිබෙන අතර කැලණිය විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් සහ අංශ ප්‍රධානියෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)