ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පසුගියදා නුවරඑළියේ ග්‍රෙගරි ලේක් රථගාලේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළා.
එහි තේමාව වුණේ 'ඩිජිටල් ගනුදෙනු හරහා අනාගතය හැඩගැස්වීම' යන්නයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුත් මෙම වැඩසටහන රට පුරා ඩිජිටල් බැංකුකරණය සහ ගෙවීම් සම්මත කර ගැනීම වේගවත් කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර තිබෙනවා.
මෙහිදී මහජන බැංකුවේ People's Pay යෙදුම හරහා පුළුල් ඩිජිටල් මූල්‍ය විසඳුම් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කරමින් ඩිජිටල් පරිවර්තනය පිළිබඳව හඳුන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජංගම ගෙවීම්වල පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මහජන බැංකු කුටියක්ද ස්ථාපිත කර තිබෙනවා.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජිත පිරිසට ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකාරිනී මංජුල පෙරේරා, සහකාර ප්‍රාදේශී කළමනාකාරිනීන්, ශාඛා කළමනාකරුවන්, ඩිජිටල්කරණ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීනීන් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)