28 January 2025


මහජන බැංකුව හම්බන්තොටදී ඩිජිටල් ගෙවීම් පහසුකම් පිරිනමයි



ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ඩිජිටල් ගෙවීම් සඳහා වන ප්‍රාදේශීය සමුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී පසුගියදා පවත්වා තිබෙනවා.

මෙම පරිශ්‍රය තුළ මහජන බැංකුවේ ප්‍රවර්ධන කුටියක්ද ස්ථාපිත කර තිබූ  බවයි වාර්තා වන්නේ.

මේ තුළින් LANKAQR ඩිජිටල් ගෙවීම් ක්‍රමය සමඟ සම්බන්ධ විය හැකි මහජන බැංකුවේ People's Pay යෙදවුම ඇතුළු ඩිජිටල් බැංකුකරණ පහසුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒ සඳහා ඔවුන්ට ලියාපදිංචිවීමේ හැකියාව සලසා දී තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් වෙත මහජන බැංකුවේ POS යන්ත්‍ර ලබාදීමද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහජන බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම් මහතා, මාතර ප්‍රාදේශීය කළමනාකාර නිල්මිණි ගුණවර්ධන මහත්මිය, බැංකු නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.





(colombotimes.lk)