පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)