02 July 2025

logo

Microsoft සමාගමෙන් දැඩි තීරණයක්



Microsoft පරිගණක මෙහෙයුම් පද්ධති සමාගම සිය සේවකයන් 6,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (13) දිනයේ දී එම සමගම මෙම සේවක කප්පාදුව පිළිබඳව නිවේදනය කර ඇති බවයි.

මෙය Microsoft සමාගමේ ශ්‍රම බළකායෙන් 3%කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය  වැඩිදුරටත් සඳහන් කළේ මෙම සේවක කප්පාදුව හරහා පිරිවැය පාලනය කිරීමට සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වන බවයි.


(colombotimes.lk)