15 May 2025


මාර්ග අනතුරු අවම කිරීමට දැඩි නීති



මාර්ග අනතුරු අවම කිරීමට දැඩි නීති රීති ගෙන ඒමට අවශ්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
 
අමාත්‍යවරයා සඳහන් කළේ  දැනට තිබෙන නීති රීතිද ශක්තිමත් කරන බවයි.

එමෙන්ම පවතින නීති රීති පොලිස් නිලධාරීන් විසින් නිසි ලෙස ක්‍රියාවට යෙදවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් නිලධාරීන් විසින් එම නීති රීති ක්‍රියාවේ යෙදවීම සිදු නොකරන අවස්ථා පිළිබඳව ද සොයා බලන බවයි.

මේ අතර කොත්මලේ බස් රථ අනතුර පිළිබද විමර්ශනය කිරීමට පත් කළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

(colombotimes.lk)