13 December 2025

logo

නීති විරෝධී ධීවර කටයුතු කළ ධීවරයන් 38ක් අත්අඩංගුවට



නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 38දෙනෙක් නීතියේ රැහැනට හසුවී තිබෙනවා.

ඒ අප්‍රේල් 21වනදා සිට 28වනදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රිකුණාමලය, කෝකිලායි, ‍චැපල් දූපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් සිය භාරයට ගෙන තිබෙනවා.

එම ධීවරයන් විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නීති විරෝධී දැල් 08ක්, ඩිංගි යාත්‍රා12ක් සහ විදුලි ආලෝක ධාරා උපකරණද ඔවුන් සතුව තිබී නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)