colombotimes.lk
සිංහල | English

05 October 2024


Travel Times | අලි ඇතුන් රැක බලාගන්න ලංකාවේ එකම තැන



පින්නවල කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක කලාප වලින් එකක්. ලෝකෙටම එකක් විතරක් තියෙන පින්නවල අලි අනාථාගාරය වගේම ලංකාවේ විශාලතම සහ එකම එළිමහන් සත්ව උදයානයද මෙහි පිහිටලා තියෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වෙනවා. මේ නිසා පින්නවල අලි අනාථාගාරය ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රයක් ලෙසද වැදගත් තැනක් ගන්නවා.

 
Pinnawala Elephant Orphanage - All You Need to Know BEFORE You Go
 
 
පින්නවල යන්නේ කොහොමද ?
 
ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ තමයි පින්නවල පිහිටලා තියෙන්නේ. කොළඹ නගරයේ ඉදලා කිලෝ මීටර 90 ක් විතර දුරක් යනකොට අපිට පින්නවල හම්බෙනවා. දුම්රියෙන් පින්නවලට යනවා නම් ඔයා කොටුව ස්ටේෂන් එකෙන් රඹුක්කනට යන දුම්රියක නගින්න ඕනේ. ඊට පස්සේ රඹුක්කන දුම්රිය ස්ථානයේ ඉදලා තියෙන්නේ කිලෝමීටර හතරක දුරක් විතරයි. ඒ දුර ඔයාට රඹුක්කන - කෑගල්ල බස් එකක යන්න පුළුවන්.
 
ඒත් ඔයා කැමති බස් එකේ යන්න නම් කොළඹ කොටුවෙන් මහනුවර හෝ කෑගල්ල බස් එකේ ගිහින් කෑගල්ලෙන් බැහැලා එතන ඉදන් කලින් වගේ කෑගල්ල - රබුක්කන බස් එකක යන්න. ඔයා කොළඹ නුවර මාර්ගයේ යනකොට කෑගල්ල නගරය පහුවෙලා කිලෝමීටර දෙකක් ගියාම හම්බෙන කරදුපන හන්දියෙන් වමට හැරිලා කිලෝමීටර හයක් ගියාම පින්නවල සංචාරක පුරවරයට පිවිසෙන්න ඔයාට පුළුවන්.
 
Pinnawala Elephant Orphanage - Wikipedia
 
පින්නවල සුන්දරත්වය
 
මෙහිදී අපිට අලි අනාථාගාරය වගේම ශ්‍රී ලංකාවේ පළවෙනි එළිමහන් සත්ත්වෝද්‍යානයත් බලාගන්න පුළුවන්.
 
පින්නවල අලි අනාථාගාරය
 
අනාථවෙන අලි ඇතුන් රැක බලාගන්න ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. අලි ඇතුන් සම්බන්ධව ඡීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් වගේම සංරක්ෂනාගාරයත් නිසා පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ගොඩක් ප්‍රසිද්ධයි. ලෝකයේ ඇතිදැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන විදියට අපිට පින්නවල හදුන්වන්න පුළුවන්. මෙහි කලින් කලට අලි ඇතුන් උප්පත්තිය ලබන බැවින් අලි බෝ කරන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙය වැදගත් වේ.
 
Pinnawala Elephant Orphanage | Things to do in Rambukkana, Sri Lanka
 
පින්නවල එළිමහන් සත්ත්වෝද්‍යානය
 
2015 වර්ෂයේදී සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණ ඇතිව පින්නවල අලි අනාථාගාරය ට ආසන්නව, පින්නවල 'ඉපැරණි අපේ ගම' තේමා උද්‍යානය ඉදිරිපිට මෙය පිහිටුවන ලදී. 2015 අප්‍රියෙල් 17 වන දින විවෘත කරනු ලැබූ මේ සත්වෝද්‍යානය මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පසුව ඉදිකල දෙවන සත්වෝද්‍යානයද වේ.
 
Explore Sri Lanka
 
Special Note
 
- සංචාරකයන් සඳහා ලබා දී ඇති විශේෂ අවවාද. 
1. සෑමවිටම අලි ඇතුන් ගෙන් ඈත් වී සිටින්න. 
2. අවදානම් ප්‍රදේශ වලට ඇතුලු නොවන්න. 
3. අවසර දී ඇති ස්ථාන වලදී පමණක් දුම් බ්ම සිදුකරන්න. 
4. කිසි විටෙකත්අලි ඇතුන්ට බාධා නොකරන්න. 
5. ශබ්ද කිරීමෙන් වලකින්න. 
6. සුරතල් සතුන් අලි අනාථාගාරය තුලට ගෙන ඒමෙන් වලකින්න.
 
සංචාරක කර්මාන්තය මගින් ශ්‍රී ලංකාව උපයන මුදලට පින්නවල අලි අනාථාගාරය ද දායක වේ. පින්නවලට සංචාරකයන් මගින් ලැබෙන ආදායම සත්වෝද්‍යාන අරමුදලට බැර කෙරෙයි. අලි අනාථාගාරයට වසරක වියදමට අවශ්‍ය මූදල් අය වැයෙන් වෙන්කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවන් වලදී සත්වෝද්‍යාන අරමුදලෙන් ද මුදල් ලබා දේ.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)