ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් ආපදා තත්ත්වය පිළිබඳව නිසි කාලයේදී පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවට ජනතාව බලධාරීන්ට චෝදනා කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් අවධාරණය කළේ අදාළ බලධාරීන් ධූරයෙන් ඉවත්විය යුතු බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයෙන් දරුණු ජලගැලීම් ආපදාවක් වාර්තා වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් 220කට අධික පිරිසක් මිය ගිය බවයි.
(colombotimes.lk)