ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව 2024 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස නවයක මූල්‍ය ප්‍රතිඵල පසුගියදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මහජන බැංකුවට මාස නවය තුළ ඒකාබද්ධ දළ ආදායමෙන් රුපියල් බිලියන 272.2ක් හිමි වී තිබෙනවා.
එමෙන්ම බැංකුවේ සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 75.4ක් බදු ගෙවීමෙන් පසු වාර්තා කර තිබෙන බව සඳහන්.
එය රුපියල් බිලියන 6.4ක ලාභයක් බවයි වාර්තා වන්නේ.
සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මඟින් රුපියල් බිලියන 2,933.2 (2023 අවසානයේ LKR බිලියන 2,745.2) දක්වා ළඟා වූ අතර ශුද්ධ ණය ප්‍රමාණය බිලියන 1,848.5 (2023 අවසානයේ LKR බිලියන 1,823.8) ලෙස වාර්තා වනවා.
(colombotimes.lk)