01 July 2025

logo

ඇල්පිටියේ අලුත් සභාව මෙතෙක් නොමැති බවට චෝදනා



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පවත්වා නියෝජිතයන් තෝරා පත් කරගෙන මසකට අධික කාලයක් ගත වුවද මෙතෙක් සභාව පිහිටුවීම ප්‍රමාදවී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා.

පසුගිය ඔක්තෝබර් 26වනදා පැවති එම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 15ක් ලබා ගනිමින් එහි බලය හිමි කරගත්තා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් පත්‍රයක්ද නිකුත් කළා. 

(colombotimes.lk)