06 July 2025

logo

ට්‍රම්ප්ගේ FBI නව අධ්‍යක්ෂ ධූරය ඉන්දීය ජාතිකයෙක්ට



ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල් ට්‍රම්ප් විසින් FBIහි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරී කෑෂ් පටෙල් නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන පටෙල් නීතිඥවරයෙක් වන අතර ඔහු මේ වන වන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බවයි.

ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෑෂ් පටෙල් ඇගයීමටද ලක්වුණා.

(colombotimes.lk)