30 January 2026

logo

පළාත් පාලන මැතිවරණයට කොමිසමේ සූදානම කියයි



පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සහ එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර තිබෙනවා.

ඒ ඊයේ (27) එම කොමිසම රැස් වූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එහිදී පළාත් පාලන මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් තීරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ ඉදිරි දිනවලදී යළි කොමිසම රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)