01 July 2025

logo

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරයට



බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ 2024 නොවැම්බර් 18වනදා සිට බලපැවැත්වෙන පරිදි එම පත්කිරීම සිදු කර ඇති බවයි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්. අභයරත්න විසින් අදාළ පත් කිරීම සිදු කරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා.

(colombotimes.lk)