15 February 2025


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල්ගත කරයි



අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේට උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදු කර ඇති බවයි.

එමෙන්ම පාප්වහන්සේ මීට පෙර බ්‍රෝන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේව මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ලම අවලංගු කර ඇති බවයි.    

(colombotimes.lk)