21 March 2025


පොසොන් උත්සවය මිහින්තලේදී



2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබාදෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතව තිබෙනවා.

පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)