22 November 2024


පශ්චාත් මැතිවරණ සමයේ පෙළපාලියාම සතියකට තහනම්



මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පශ්චාත් මැතිවරණ පෙළපාලි සතියකට තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වුණා.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 49ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)