02 April 2025


තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට



2025 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර සඳහන් කළේ අප්‍රේල් 05වනදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)