ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදීයි.
පසුගිය කාලයේදී රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සපයන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)