09 June 2025


ජනපති ජර්මනියේ නිල සංචාරයක



ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11වනදා සිට 13වනදා දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. 

ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුවයි. 

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)