02 July 2025

logo

ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (10) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු විය හැකි අතර පැයට කිලෝමීටර 55-65 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

 

(colombotimes.lk)