කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එම කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී අද (02) පැවැති සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කළා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු කළා.
(colombotimes.lk)