04 January 2025


හිටපු මන්ත්‍රීවරයෙක්ට අයත් වාහන 3ක් පොලිස් භාරයට



නීති විරෝධීව ආනයනය කරන ලද යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් සහ Landrover ජීප් රථ 2ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ ඊයේ (01) පිංවත්ත පාසල් මාවතේදී සහ රත්මලාන දුම්රිය ප්‍රදේශයේදීයි.

පොලීසිය කියා සිටියේ රුපියල් කෝටි 7ක් පමණ වටිනා මෙම වාහන නීති විරෝධීව ආනයනය කර ව්‍යාජ ලේඛන භාවිතා කරමින් එකලස් කිරීම සිදු කර ඇති බවයි.

එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහන අංක යටතේ එම වාහන ලියාපදිංචි කර තිබෙනවා.

මෙම ජීප් රථ 3 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අමල් සිල්වාට අයත් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව දීර්ඝ ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව ඔහුව  මුදා හැරීම සිදු කල බවත් එම වාහන අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)