දිවයින පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගිරිතලේ සහ කණ්ඩලම ජලාශ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.
ගිරිතලේ ජලාශය වසර 6කට පසුව මෙසේ පිටාර ගැලීමක් සිදු වූ බවයි වාර්තා වන්නේ.
ඒ සමඟම කණ්ඩලම ජලාශයත් ඊයේ (01) සිට වාන් දමා තිබෙනවා.
ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ මේ හේතුවෙන් දඹුල්ල-වෑවල මාර්ගයේ කුඩා වාහන ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
(colombotimes.lk)