07 July 2025

logo

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ ඇරඹෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා ලබන 14වනදා චීනයේ බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු ලබන 17වනදා දක්වා නිල සංචාරයේ නිරත වන බවයි.

චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී දෙරටේ ජනාධිපතිවරු අතර ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)